Friday, 10 January 2025

ඇය මාසයක්

 

චායාරූ අන්තර්ජාලයෙනි


ඇය මාසයක් ඇතුළත මැහුම්අයන් සෙක්ෂන්වල පවා අත්දැකීම් ඇතිව ගාමන්ට් එකේ සියලු වැඩ ඉගෙනගත්තාය. නමුත් ඉඳහිට බැනුමක් ඇසීමට අන් හැමදෙනාටම මෙන් ඇයටද සිදුවේ. ඒ ටාර්ගට් වැඩි දින වලය. අනෙක් දිනවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවේ. කොල්ලන්ගේ විහිළුසුපවයිසර්ගේ මනමාල කතා ඈට දැන් හොඳට හුරු පුරුදුය. සීතා සමග පමණක් වැඩි ඇයි හොඳයියක් තිබෙන ඈ කවුරුත් අතේ දුරින් ආශ්‍රය කරන්නේ පාසල් වියේ පටන් පුරුදුව තිබූ පුරුද්දක් නිසාවෙනි. නැතිනම් තම සැමියා මිය යෑමෙන් ඇති වූ දොම්නස තාමත් තම සිතේ හැලහොල්මන් කරනා නිසා වන්නටද පුළුවනි.

 

මේ උඹ ආයේ බඳින්න අහදසක් නැද්ද?

නෑ අක්කේ..

ඇයි බං. වයසත් තියෙනව.. තාම ඇහැට කනට පේන්න ඉන්න එකේ.

ආයේ බෑ.. අක්කේ

ආයේ කියන්නේ.. ඔය ඕන තරම් ඉන්නේ බං දෙවෙනි එකෙන් හරිගියා එවුන්. අනික උඹට තනියෙම ළමයව බලාගන්න පුලුවන්ද?.. රස්සාවකුත් කරකර.

බැරි උනත් පුළුවන් උනත්.. ඕව ගැන හිතක් නෑතනියෙම ළමයව කොහොමකරලා හරි හදාගන්නව. එච්චරයි..

උඹේ කැමැත්තක්.. මං කිව්වේ ඉතින් උඹේ හොඳට.

අ..ක්.කෙ. අයිය ආයේ එන්නේ කවද්ද..  කාලෙකින් ආවේ නෑ නෙ තාම?

කවුරු දන්නවද බං.. අන්තිම ලියුමක් ඇවිල්ලත් මාස 2 ගියා. මාස තුනකින් සල්ලි එව්වේ නෑ ගෙදට්ට.

නිවාඩු නැතුව ඇති.

අනේ මන්ද බං. ආරංචියක් තියෙනව කෑම්ප් එකේම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා කියල.. උඹ කාටවත් කියන්නේ එහෙම නෑ.

මං කා එක්ක කියනව කියලද?..

පුංචි එවුන්ගේ ඉස්කෝලෙන් ඉල්ලන ඒවාට දෙන්න සල්ලිත් නෑ. ලබන මාසේ මාලේත් සින්න වෙනව මෙහෙම ගියොත්..

නැන්ද..ම්.මා..

අපෝ.. කතා කරන්න එපා ඒ ජෝඩුව ගැන. උන්ගෙ ළමය එන්නෙ නැති ඒකටත් පලි මං. පඩි දවසටනම් ඉන්නව දත් සෙට් එකත් එළියේ දාගෙන ඉස්සරහට වෙලා. හරියට කන්න වගේ.

 

කරදර තිබෙන්නේ තමන්ට පමණක් නොවන බව මේ මාස කීපයට ඇය හොඳ හැටි ඉගෙනගෙන ඇත. සීත අක්කනන්දරමණිඅරුණිසුපවයිසර්, කුලී ගෙදර වයසක යුවල පමණක් නොව ජීවත්වන හැමදෙනාම කුමන හෝ කරදරකප්‍රශ්නයක පැටලිලාය. හැම කෙනෙක්ටම තමතමන්ට අදාලවූ ප්‍රශ්න ඇත. එවාට මුහුණදෙමින් ඉදිරියට යෑම ජීවත් වීම කියා සිතිය හැකි බවත් ඉඳහිට සිනහවක්සතුටක් දැනී නොදනී යාම ඒ ජීවිතයේම එක් අංගයක් බවත් ඇය තහවුරු කරගෙන හමාරය. ගඟක් මුහුද කරා විවිධ භාදකඅභියෝග පසුකරමින් යන්නා සේ මරණය දක්වා වැටී ඇති ජීවිත ගමන් මග දුක් කම්කටුලු විඳ දරා ගනිමින් යෑම උරුමයක් ලෙස සලකා ඇය දැන් ජල පහරක් ගලා යන්නා සේ ගලා යයි.

අපිටත් මේ ටිකේ

 

රූපය අන්තර්ජාලයෙන් උපුටගන්නා ලදී

"තාම මේ මාසේ කුලිය දුන්නෙත් නෑ නේද මේ ළමය.."

"අපිටත් මේ ටිකේ අමාරුයි ළමයෝ.. දරුවො දෙන්නටත් එන්න විදිහක් නෑ.. ඒ ගොල්ලොන්ටත් ඉතින් වැඩ රාජකාරිනෙ.."

 

"කොන්සට් එකේ ඇඳුම් මහලත් ඉවරයි.. අම්ම සල්ලි දෙන්න ඕන මහන කෙනාට... "

"අම්ම.. උත්සවේට තව දවස් තුනයි.. හෙට හරි අනිද්දා හරි සල්ලි ගෙවනව නෙ..."

"අම්..මේ. හැමදාම කන්න තියෙන්නෙ මේවා විතරද.."

 

"පිටින් එන අයට ළඟ ඉඳලම රෑ ශිෆ්ට් ඒකටත් ඉන්න වෙයි”

"භාහිරින් වැඩට ගන්න අය අඩු කරන්න තීන්දු කරල තියෙන්නෙ.. උඩින්. දැන්ම ගාමන්ට් එකෙන් ආවොත් ගන්නම්.. නැත්තම් කවද ගෙදර නවතින්න වෙයිද දන්නේ නෑ.. "

 

"අඩු ගානට වී හෙට්ටු කරන නිසා හම්බෙන්නෙත් දැන් සොච්චමයි.. ගිය කන්නෙත් වගාවක් හරියට නෑ"

"දැන් තාත්තට ඉස්සර වගේ එච්චර මහන්සියෙන් වැඩ කරන්නත් බෑ කෙල්ලෙ.. ඒ නිසා පොඩි එකත් දැන් ඉඳල හිටලා කුඹුරට එක්කං යනව"

 

මේ හැම සිරවීමකින්ම... ගැලවීමට ඇයට පෙනුණු, වැටුණු පාර අගාධයකි. නරකාදියකි. ඇය එයට දැන හෝ නොදැන පියවර තැබීය. තම දෙමව්පියන්ට, සහෝදරයාට උදව් කිරීමට, දරුවාට හා තමාට ජීවත් වීමට ඇය අකමැත්තෙන් වුවද ඒ තීරණය ගත්තාය. ඇය මැව් සිහින ජීවිතය හමාරවූයේ ඔහුත් සමග කොළඹ ඔහුගේ නිවසට ආ දවසේමය.

 

"අපි ගමේ තියෙන තාත්තලාගේ ඉඩමක පොඩි ගෙයක් හදන් එහෙ පදිංචි වෙමුද"...

"මොනාද අනේ.. බලන්න ලෙඩක් හැදුනහම බේතක් ගන්න හරියට තැනක් නෑ. මතකනෙ මට ඔයාලගේ ගමේ කකුල කැපිල වෙච්ච දේ. බස් එකක් අල්ල ගන්න පැය ගානක් ඉන්න ඕන. ඒ මදිවට මෙහෙ වගේ එක කඩයක් තියෙනවද. ලයිට් තියෙනවද.. ඔයාම කියන්න. කොහොම ඕවයෙ ඉන්නද අනේ... අපි ටික දවසක් මෙහෙම ඉඳල මං කිව්ව අර බෝඩිමට යං"

ඔහු නිතරම කී සැටි ඇයට දැනුදු මතක් වේ. නිතරම ඔහු කොළඹ ජීවිතයේ සැප පහසුව, දියුණුව ගැන කියමින් ඒ කතා මගහැර දමයි. ඒ ඔහු කුඩා කළ සිට හුරු පුරුදු වූ පරිසරය කොළඹ නිසා වෙන්නට පුළුවනි. නමුත් ඇය දැන් සැමියා නැතත් නගරයට වී සිටින්නේ මන්දැයි ඇයම නොදන්නිය. සමහරෙක් විට ඇය මේ කොළඹ හමනා චණ්ඩ සුළඟට හසුවූවා වන්නටද පුළුවන.

 

දැන් ඒ සියලු කතා අතීතයට ගොස් හමාරය. ඒ වෙනුවට ඔහුගෙන් ලැබුණු දරුවාත් සමග ඈ ඔහු කිව් ඒ බෝඩිම් ජීවිතය විඳිමින්, විඳවමින් සිට මුදලට විකිණෙනා එකියකි. ජීවිත් වීමට මුදල අත්‍යවශ්‍ය නිසා එය සපුරාගැනීමට විකිණෙනා එකියකි. ගමෙන් නගරයට අවුදින් ජීවිතය වරදාගත් එකියන් අතර එකියකි. ලිඳට වැටුණු එකා ළිං කටෙන්ම එන්නට ඕනෑ කියන්නා සේ ඈ කොළඹ අව්කාෂ්ට ජීවිතේ ජීවත් වීමට ඊට සරිලන අකාරයේ රැකියාවකට යොමුවුවාය. ගමේ ගෙව් ඒ නිදහස් ජීවිතය ගැන දැන් හාන්කවිසියකවත් ඇයට මතක නැති මුත් ගමට නොවරදවාම මුදල් යැව්වාය. ඒ සරල නිදහස වෙනුවට හිසමත අද මහා බරකි. මේ ඇය ගෙවන්නේ, ගෙවෙන්නේ ඇයගේ හොඳම වයසය. තරුණ අවදියය. තරුණ අවදියේ මේසා බරක් දරා සිටීම ගැන ඇය පැසසුම් ලැබිය යුතුය. නමුත් දැන් ඇය දොස් නගන රැකියාවක නිරතවෙමින් ඒ තරුණ වයස ගෙවා දමමින් සිටින්නීය. තම දරුවා වැඩිවියට උස්මහත් වෙද්දී ඇතිවන තත්වයද ඇය නොදන්නවාම නොවේ. ඒ වාගේම අවට සමාජයෙන් ඇතිවීමට හැකි අවලාද, අපහාස, ගැටළු ගැනද ඇය නොසිතුවාම නොවේ. ඒ සියල්ල දරා ගනිමින් ජීවත් වීම ඇත්තෙන්ම පැසසුම් ලැබිය යුතු නොවේද ..?.

 

නිමි-

සොක්‍රටීස්

 සොක්‍රටීස් කියන්නේ මෙලොව ජීවත් වුණ සුවිශේෂතම මිනිසෙක්. බුද්ධිමත් බව සහ සත්ගුණවත් බව කියන සාධක දෙකම මිනිසකු තුළ තිබිය යුතුයි කියන සාධකයේ සිට ලොවට දැවැන්ත දැනුමක් ලබා දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්. අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු ලෙස අර ගීතයකත් සඳහන් වෙනවා වගේම සොක්‍රටීස්ද ඝාතනය කරලා මරා දමනවා. තරුණයන් නොමඟ යවනසුලු දැනුම බෙදා දෙනවා කියන මූලික වරදට අනුව කැලෑ නීතිය අනුව වරදකරුවෙක් බවට පත්කර හැම්ලොක් නම් වස වර්ගය පානය කරන්න සැලැස්සවීමෙන් ඔහු මරණයට පත්කරනවා.

"ඔබට හොඳ බිරියක් ලැබුණොත් ඔබ සතුටු වෙයි. එහෙත් ඔබට වදක බිරියක් ලැබුණොත් ඔබ දර්ශනිකයෙක් වෙයි" කියන වදන කිව්වෙත් සොක්‍රටීස් තමයි. මරණ මංචකයේ දී පවා සිත සතුටින් මිනිස් ජීවිතය තුළ ලැබෙන හොඳම ආශීර්වාදය මරණය බව ඔහු පැවසුවා. සොක්‍රටීස් එකල ග්‍රීසියේ ජීවත් වුණ අතිවිශිෂ්ටම බුද්ධිමතා නිසා ඔහුගේ ශිෂ්‍යයෙක් වීම ලෙහෙසි නැහැ. එම නිසා ඔහු යටතේ ඉගෙන ගන්න කෙනෙක් ඇතුළු කර ගන්නේ කිසියම් පරීක්ෂණයකින් පස්සේ දැන් කාලේ වගේ කටපාඩම් පරීක්ෂණවලින් නොවෙයි ඔහු ශිෂ්‍යයන් තෝරාගත්තේ. ඒවා හදිසි ප්‍රායෝගික පරීක්ෂණ වුණා. දවසක් සොක්‍රටීස් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ප්‍රායෝගික පරීක්ෂණයට ලක් කළා. ඔහු මේ නවකයන්ට කරන්න කිව්වේ ඉතාම සරල දෙයක්.


"අර පොකුණ දිහා බලාගෙන ඉඳලා ඔබට පෙනෙන දේ මට රහසින් කියන්න. ඒ වගේම ඔබට පෙනෙන දේ ඔබ අනෙකාට නොකියන්න. ඔහු ශිෂ්‍යයන්ට කිව්වා.

ඉතිං එක් එක් ශිෂ්‍යයා පොකුණ දෙස ඉතා වුවමනාවෙන් බලාගෙන ඉඳලා ඔවුන් දුටු දේ සොක්‍රටීස්ට රහසින් කිව්වා. සොක්‍රටීස්ගේ මෙම පරීක්ෂණය දිහා ඔහුගේ පරණ ගෝලයෙක් බලාගෙන හිටියා. එහෙත් ඔහුට මොකුත් තේරුණේ නැහැ.

"ඔබතුමා කොහොමද ශිෂ්‍යයන් තෝරාගත්තේ" පැරැණි ගෝලයා රහසින් වගේ ළංවෙලා ඇහුවා.

තොටුපොළට ආවේ

 ඇය එදා ගුවන් තොටුපොළට ආවේ ඕස්ට්‍රේලියාවේ යන්න. තරමක් රූමත් නිසා ඇය තරමට වඩා ආඩම්බරයි කියලා කෙනෙක්ට මුලින්ම හිතෙන්නත් පුළුවන්. එහෙත් ඇය කොහොම කෙනෙක් ද කියලා ඔයයි මමයි තාම දන්නේ නෑ. ඒක නිසා අපි දෙන්නට ඇය ගැන මුකුත් දැන්ම කියන්න බෑ. අපි ටිකක් ඉවසමු. මොනවා වුණත් ඇය පොත් කියවන්න ආසයි කියලා නම් පෙනෙනවා. ඉතිං ඇය පොත කියවන ගමන් කන්න කුකීස් බිස්කට් පැකට් එකක් මිලට අරගෙන අත් බෑගයට දා ගත්තා. ඒ අත් බෑගය හරි ලස්සනයි. නිකං පුංචි සරුංගලයක් වගෙයි. ඇය ඇඳන් හිටියෙත් පිරිමි නෙත් ක්ෂණිකව ආකර්ෂණය කරන කෙටි එහෙත් ලස්සනම ගවුමක්. ඉතිං ඇය පිටත් වෙන්න ඕන ගුවන් යානය පිටත් වෙන්න තවත් ටිකක් වෙලා තියෙන නිසා පොතක් කියවන්න පටන් ගත්තා. ඇය කියවන්නේ පාවුලෝ කොයියෝගේ මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය වුණු Adultery කියන කෘතිය.

ඇය පුටුවේ වාඩිවෙලා පොත කියවන්න පටන්ගත්තා. ටික වෙලාවකින් ඇයගේ පුටුවේ එහා කොනේ වයස අවුරුදු පනහක් පමණ වන පිරිමි කෙනෙක් ඇවිත් වාඩි වුණා. ඔහු පාඩුවේ ව්‍යාපාරික සඟරාවක් කියවන්න වුණා. ඔවුන් දෙදෙනා අතර හිදැස පිරුණේ කුනීස් බිස්කට් පැකට් එකෙන්. දැන් ඔයත් කතාව ගැන අමතක කරලා කුකිස් මතක් කරගන්න නම් එපා. ඉතිං ඇය පොත කියවන ගමන් බිස්කට් කන්න පටන්ගත්තා. ඇය පැකැට්ටුවෙන් බිස්කට් එකක් ගන්න විටම අර මහත්මයත් එතැනින් එක බිස්කට් එකක් අරගෙන කන්න පටන්ගත්තා. ටිකක් වෙලා යද්දී තමයි ඇයට මේක වැටහුණේ. ඇයට තරහා ගියා. ඇය ඔහු දිහා ඔරවලා බැලුවා. එහෙත් ඔහු පාඩුවේ සඟරාව කියවනවා. සඟරාවේ පිටකවරය සැරසුණේ ඇපල් සමාගමේ වත්මන් විධායක නිලධාරී ටිම් කුක්ගේ රුවින්.


ඇය බිස්කට් එකක් ගන්න විටම ඇයගේ පුටුවේ එහා කොහේ ඉන්න එක්කෙනත් බිස්කට් එකක් අරගෙන කන්න වුණා. ඇයගේ හිත තරහින් පුපුරු ගැසුවත් මේ වැඩේ පැකැට්ටුවේ තවත් එකම එක බිස්කට් එකක් පමණක් ඉතුරුවෙන තුරුම සිද්ධ වුණා.

"දැන් බලමුකෝ මේ මිනිහා අන්තිම බිස්කට් එකට මොකද කරන්නේ" ඇය එහෙම හිතුවා. ඔහු අන්තිම බිස්කට් එකත් බැරිවෙලාවත් ගත්තොත් අනුන්ගේ බිස්කට් කනවට හොඳවයින් දෙකක් කියන්න තමයි ඇය බලාගෙන හිටියේ. අන්න ඔහු අවසාන බිස්කට් එකත් අතට ගත්තා. ඉන්පසුව ටිකක් වෙලා කල්පනා කළා. ඇය ඔහුට බනින්න කට හදාගත්තා. සැර වචන ටිකක් ද මතක් කරගත්තා. එහෙත් ඔහු එම බිස්කට් එක දෙකට කඩලා ඇයට කොටසක් දුන්න නිසා ඇයගේ කෝපය නම් ගිනිකන්දට මහා අයිස් වැස්සක් කඩාහැලිලා එය සිසිල් වුණු නිසා ඇයගේ මුවින් වචනයක්වත් පිටවුණේ නෑ. ඇය එම කොටස එපා කියලා ඔහුටත් ගස්සාගෙන එතැනින් පිටත් වුණා. ඔහුගේ මුව මත මඳ සිනාවක් පමණක් රැඳිලා තිබුණා.

දිගු සංචාරයෙන් පස්සේ ඇය ඕස්ට්‍රේලියාවට ආවා. ඇය ඇයගේ හිතවතියගේ නිවෙසටත් ආවා. එතකොටයි ඇය දැක්කේ ඇයගේ බෑගය තුළ ඇය කන්න ගත්ත කුකීස් බිස්කට් පැකැට්ටුව ඉතාමත් ආරක්ෂාකාර්ව තියෙනවා. එතකොට අර ගුවන් තොටුපොළේදී අර මනුස්සයා කෑවේ කාගේ බිස්කට් එකදඇය එහෙම කල්පනා කළා. තමා ගත්ත බිස්කට් පැකැට්ටුව එහෙමම බෑගයට දා ගත්තා මිසක් ආයේ එළියට ගත්තේ නෑ නේද කියන කාරණය ඇයට මත්ක වුණා. ඇය පොත කියවන ගමන් හිටිය නිසා ඇයට ඒක සිහියට ආවේ නෑ. ඇය එකින් එක අරගෙන කෑවේ අර පුද්ගලයාගේ බිස්කට් පැකැට්ටුවෙන්. එම පුද්ගලයා තමාට වඩා කොයිතරම් මනුෂ්‍ය ගුණ දම්වලින් යුක්ත පුද්ගලයකු ද කියලා ඇයට දැනුණා. ඇය කළ දේ ගැන ඇයට දුක හිතුණා. එහෙත් සයුරට විසිකළ ගල් කැටයක් ආයේ ගන්න බැහැ වගේ මිනිස් සිතකින් නිකුත් වුණු වෛරය යළිත් ගන්න බැහැ. එහෙත් ඉදිරියට වෛරයේ ගල් විසිකරන එක නවත්වා ගන්න පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතිං සමහර වෙලාවට අපි ආයේ බිස්කට් කියලා හිතාගෙන අනුන්ගේ බිස්කට් රස කර කර කනවා. එහෙත් ඕනෑම බිස්කට් එකක් බෙදාගෙන කන එක නම් හරිම වටිනවා.