සොක්‍රටීස් කියන්නේ මෙලොව ජීවත් වුණ සුවිශේෂතම මිනිසෙක්. බුද්ධිමත් බව සහ සත්ගුණවත් බව කියන සාධක දෙකම මිනිසකු තුළ තිබිය යුතුයි කියන සාධකයේ සිට ලොවට දැවැන්ත දැනුමක් ලබා දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්. අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු ලෙස අර ගීතයකත් සඳහන් වෙනවා වගේම සොක්‍රටීස්ද ඝාතනය කරලා මරා දමනවා. තරුණයන් නොමඟ යවනසුලු දැනුම බෙදා දෙනවා කියන මූලික වරදට අනුව කැලෑ නීතිය අනුව වරදකරුවෙක් බවට පත්කර හැම්ලොක් නම් වස වර්ගය පානය කරන්න සැලැස්සවීමෙන් ඔහු මරණයට පත්කරනවා.
"ඔබට හොඳ බිරියක් ලැබුණොත් ඔබ සතුටු වෙයි. එහෙත් ඔබට වදක බිරියක් ලැබුණොත් ඔබ දර්ශනිකයෙක් වෙයි" කියන වදන කිව්වෙත් සොක්‍රටීස් තමයි. මරණ මංචකයේ දී පවා සිත සතුටින් මිනිස් ජීවිතය තුළ ලැබෙන හොඳම ආශීර්වාදය මරණය බව ඔහු පැවසුවා. සොක්‍රටීස් එකල ග්‍රීසියේ ජීවත් වුණ අතිවිශිෂ්ටම බුද්ධිමතා නිසා ඔහුගේ ශිෂ්‍යයෙක් වීම ලෙහෙසි නැහැ. එම නිසා ඔහු යටතේ ඉගෙන ගන්න කෙනෙක් ඇතුළු කර ගන්නේ කිසියම් පරීක්ෂණයකින් පස්සේ දැන් කාලේ වගේ කටපාඩම් පරීක්ෂණවලින් නොවෙයි ඔහු ශිෂ්‍යයන් තෝරාගත්තේ. ඒවා හදිසි ප්‍රායෝගික පරීක්ෂණ වුණා. දවසක් සොක්‍රටීස් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු ප්‍රායෝගික පරීක්ෂණයට ලක් කළා. ඔහු මේ නවකයන්ට කරන්න කිව්වේ ඉතාම සරල දෙයක්.
"අර පොකුණ දිහා බලාගෙන ඉඳලා ඔබට පෙනෙන දේ මට රහසින් කියන්න. ඒ වගේම ඔබට පෙනෙන දේ ඔබ අනෙකාට නොකියන්න. " ඔහු ශිෂ්‍යයන්ට කිව්වා.
ඉතිං එක් එක් ශිෂ්‍යයා පොකුණ දෙස ඉතා වුවමනාවෙන් බලාගෙන ඉඳලා ඔවුන් දුටු දේ සොක්‍රටීස්ට රහසින් කිව්වා. සොක්‍රටීස්ගේ මෙම පරීක්ෂණය දිහා ඔහුගේ පරණ ගෝලයෙක් බලාගෙන හිටියා. එහෙත් ඔහුට මොකුත් තේරුණේ නැහැ.
"ඔබතුමා කොහොමද ශිෂ්‍යයන් තෝරාගත්තේ" පැරැණි ගෝලයා රහසින් වගේ ළංවෙලා ඇහුවා.

ලබා දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්. අරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු ලෙස අර ගීතයකත් සඳහන් වෙනවා වගේම සොක්‍රටීස්ද ඝාතනය කරලා මරා දමනවා.
ReplyDeleteබව කියන සාධක දෙකම මිනිසකු තුළ තිබිය යුතුයි කියන සාධකයේ සිට ලොවට දැවැන්ත දැනුමක් ලබා දුන්න සුවිශේෂ බුද්ධිමතෙක්.
ReplyDelete